NEO අපගේ අරමුණ වනුයේ ශ්‍රී ලාංකීය සංස්කෘතික හා ආගමික වටපිටාව මූලික කරගනිමින් අනාගතයට ඔබින හැකියාවන් හා කුසලතාවයන් පිරි දරුවකු සමාජයට බිහිකිරීමයි.
2007 වසරේදී පෙරපාසල් දරුවන් 11 දෙනෙකුගෙන් NEO පෙර පාසල ගලහ රෝහල පාරේදී ආරම්භ කරන ලදී. ආරම්භයේදී ගුරුකැලේ සිට පැමිණි සුවිනීතා ගුරුතුමිය තනිව ඉතා අවම පහසුකම් හමුවේ කළ සේවාව හා කැපකිරීම මෙහිදී විශේෂයෙන් මතක් කල යුතුය.
2008 වසරේදී සුජානි ගුරුතුමිය පෙරපාසල් පාලිකාව ලෙස වැඩ ආරම්භ කල අතර එදා සිට අද දක්වා වසර 12 ක් තුල අප ආයතනය පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ප්‍රමුඛ පෙලේ ආයතනයක් වීමට ඇයගේ දැනුම, කුසලතාවය, හැකියාව හා නව්‍යකරණයේ නිපුණතාවය ඉවහල් විය.
වසරෙන් වසර ගුණාත්මක බව හා NEO පිළිබඳ දෙමාපියන්ගේ විශ්වාසය නිසා සිසුන් ඇතුලත්වීම වැඩිවීමත් සමග 2018 වර්ශයේ ඵලදායිකත්වය පිළිබද තරගයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය දිනාගැනීමට හැකිවීම අප ලද ඉමහත් ජයග්‍රහණයකි.
2019 වර්ශය වන විට පෙරපාසලේ සිසුන් 120 ක් හා ගුරුවරියන් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්‍යමන්ඩලයක් දක්වා පැමිනීමට NEO අවස්ථාව උදාකරගත්තේ අද දක්වා සේවය කල සියලුම ගුරුවරියන්ගේ, පෙරපාසල් දෙමාපියන්ගේ කැපකිරීම හා අප ආයතනය හා සම්බන්ධ සියලුම රජයේ හා රජයේ නොවන ආයතනයන්ගෙන් අපට ලැබුණු සහය නිසාවෙනි.
NEO පෙරපාසල් සෙවනෙන් නික්ම 01 ශ්‍රේණියට වෙනත් පාසල් වලට නික්ම යන දරුවන් පෙරපාසලේදී දැක්වූ කුසලතාවයන්, හැකියාවන් හා විනය ආදී කරුණු වල පසුබෑමකට ලක්වීම හදුනාගත් සමහර දෙමාපියන්ගේ ඉල්ලීම හා මේවනවිට අප ලබාඇති අත්දැකීම් හා හැකියාවන් මත 2019 වසරේදී NEO International School (NEO ජාත්‍යන්තර පාසල) ඉංග්‍රීසි මාධ්‍ය 01 ශ්‍ර්ණිය සිසුන් 15 දෙනෙකුගෙන් ආරම්භ කළෙමු. (වසරෙන් වසර එක් ශ්‍රේණියක් බැගින් 11 ශ්‍රේණිය දක්වා පැවැත්වේ).
අද වන විට NEO අධ්‍යාපන ආයතනයේ ඉගැන්වීම් සිදුකරන ගුරුභවතුන් සියලුම දෙනා මනා සුදුසුකම් ලත් ඩිප්ලෝමාධාරීන්, උපාධිදාරීන්, රජයේ පාසල් ගුරුවරුන් හා විශ්‍රාමික ගුරුභවතුන් බව අප ඉතා සතුටින් දන්වා සිටිමු. තවද ගලහ හා අවට ප්‍රදේශවල පාසල්වල 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් අතරින් 90% කට වඩා NEO පෙරපාසලේ ගුරුවරියන්ගෙන් පූර්ව ළමාවියේ පන්නරය ලැබූ සිසුන් වීම අපගේ ප්‍රයත්නයේ මල් ඵලගැන්වීමක් ලෙස සදහන් කළ හැකිය.
NEO සුභසාධක සංගමය ලේ දන්දීම, ගවයන් නිදහස් කිරීම, දෙමවුපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්, සැත්කම් වලට භාජනය වූ දරුවන් හට මූල්‍යමය ආධාර ලබාදීම හා සිසුන් හට වසර පුරා ඇති පුන්‍යකටයුතු වලට සහයදීම මගින් දරුවන් හට සමාජ සත්කාර පුහුණුකිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම ඉතා සාර්ථකව සිදුකරමු. මේ සදහා දෙමාපියන්ගේ ඉතා ඉහල දායකත්වයක් ලබාදීම විශේෂයෙන් සදහන් කළ යුතුවේ.
විදුහල්පති,
NEO ජාත්‍යන්තර පාසල හා පෙරපාසල
ගලහ.
The goal of our institute, NEO, is to produce a citizen to the society who is replete with skills and capabilities which will be able to cater the needs of the future world ,based on the Sri Lankan culture and religious social environment.
Our institute was established in 2007 with only 11 students at 296b , Hospital roadd, Galaha as NEO Preschool. The dedication and the tremendous service provided by the initial teacher Mrs. Suvineetha who was from Gurukele area should be admirably mentioned with respect.
In 2008, the present administratrix of the Preschool , Mrs. R.W. Sujani Thalatha Kumarihamy took over the duties and since then the institute has been upgrading itself as a leading Early Childhood Development Centre in the area for more than 12 years with the knowledge, capabilities, skills and the strategically competency of the administration.
The reliability of parents towards us grew with the qualitative development of the institute , resulting a significant increase of admissions of students by the year 2018. It was a great achievement that we were able to win the third place at the competition of Productivity among Early Childhood Development Centers in Kandy District in 2018.
The population of our institute has increased up to 120 students and 6 teachers by the year 2019. The great support rendered by all the members of the staff , parents and the government and non -government institutions that are in corporate with us should be appreciated.
And also considering about the continuous requests of the parents, we decided to start the NEO International School in English medium in 2019 with 15 admissions to the initial grade 1 class. At present we are conducting grade 1,2 and three successfully and we hope to proceed up to Grade 11 gradually.
We are proud to state that all the members of the staff are either graduates or Diploma holders and retired government school teachers. And also 90 % of the students who get through cut off marks in grade 5 scholarship in the schools of the area are the ones who gained the Early childhood education from the talented staff of our institute.
As a leading educational institute , we not only provide knowledge and competencies but also lead our students towards practicing humanity in order to provide them with a quality education. The welfare society of NEO annually organize blood donation camps , releasing cattle , awareness programs, providing financial support to children who undergo surgeries and also other religious activities such as sill campaigns, alms giving and Vesak decorations.
Through all these we hope to build up a balanced , competent and efficient personality in all the little children who leave our institution to be a useful citizen in the future.
Principal,
NEO International School & Preshcool
Galaha