මල් කැකුළු වන් කුඩා දරුවන් භයානක කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා කරගනිමු.

ඔබගේ ආදරණිය දරුවන් මෙන්ම අප පාසලේ අනෙකුත් දරුවන්, ගුරු මව් පියවරුන්, දෙමවුපියන් හා ආදරණිය සමස්ත සමාජයම ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන් වන අපගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ.

ඔබේ දරුවා පාසලට එවීමේදී පහත සඳහන් කරුණු තරයේ පිළිපැදීම අනිවාර්ය වේ.

  1. කොවිඩ් 19 රෝගයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගැනීම සඳහා පහත සඳහන් ආචාර ධර්ම පිළිපැදීම අනිවාර්යෙන් සිදුකල යුතු අතර ඒ සඳහා ඔබගේ උපරිම සහයෝගය තම දරුවාගේත් අනෙකුත් සහෝදර දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන්න.
  2. නිවසේ සිට පාසැල දක්වාම මුඛ ආවරණය පලාගෙන පැමිණීම අනිවාර්යය වේ.
  3. ජනතාව ගැවසෙන ස්ථානවල දරුවන් නොතබා ප්‍රවේසම් සහිතව දරුවාව පාසලට රැගෙන ඒම සහ රැගෙන යාම දෙමවුපියන් වන ඔබ විසින් වග කීමෙන් කල යුතුය.
  4. පාසලට ඇතුල් වීමට පෙර හොදින් දෑත් සබන් යොදා පිරිසිදු කරගත යුතුය.
  5. දෙමවුපියන් පන්ති කාමර තුලට පැමිණීමෙන් වැලකි සිටිය යුතුය.
  6. දරුවන් අතර විවිද ද්‍රව්‍යය හුවමාරු කිරීම සිදු නොකරන බැවින් පාසලේදී දරුවට පරිහරණය කිරීමට අවශ්‍ය වන සියලු දෑ නිවසෙන් රැගෙන ආ යුතුය.
  7. අහර ගැනීම සඳහා හන්දක් හා ගරුප්පුවක් එවීම අනිවාර්ය වේ.
  8. මද උණ ගතිය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව, ඇගපත වේදනාව මෙන්ම සුළු හෝ අසනීප තත්වයක් ඇත්නම් දරුවන් පාසල් එවීමෙන් වැලකී සිටිය යුතුය.
  9. එවන් අසනීප තත්වයකදී ඒ පිළිබඳව පාසලේ හෝ පන්ති භාර ගුරුතුමිය වෙත දැනුම් දීම අනිවාර්ය වේ.
  10. ඔබේ පවුලේ හෝ දරුවාට ඍජුවම සම්බන්ද වන පුද්ගලයෙක්ට කොවිඩ් 19 රෝගය අසාදනය වී ඇත්නම්, නිරෝධායනයට යොමු කර ඇත්නම් හෝ යම්කිසි අවිනිශ්චිත රෝග තත්වයකින් පෙලෙන විටකදී හැකි ඉක්මනින් පාසැල වෙත් දැනුම් දීම ඉතා වැදගත් වේ. එමගින් ඔබේ දරුවාගේත් ඔබේ දරුවාගේ පාසලේ අනෙකුත් සිසු දරුවන්ගේත් ආරක්ෂාව සඳහා ඉක්මන් ක්‍රියා මාර්ග ගැනීමට වඩාත් පහසුවක් වනු ඇත.
  11. අමතර ඇඳුමක් සහ මුව ආවරණයක් දරුවාගේ බාගය තුල රඳවා තැබීම අනිවාර්ය වේ.
  12. ඔබේ දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගැනීම සඳහා මන ප්‍රතිශක්තීකරණයෙන් යුතු පෝෂ්‍යදායි අහර වේලක් නිවසේදීම සකස් කර උණු කර නිවාගත් ජලයද පිළියෙළ කර එවන්න.