NEO සුභසාදක සංගමය

NEO සුභසාදක සංගමය මගින් NEO පෙර පාසල, NEO ජාත්‍යන්තර පාසල හා අපගේ ආයතනය හා සබැඳි සිසු දරුවන්, දෙමවුපියන් හා අපගේ හිතාදර ජනතාව උදෙසා ඇති මහත් වූ සේවාවන් රාශියක් ඉටු කරනු ලබයි. NEO සුභසාදක සංගමයේ සියළුම වැඩ කටයුතු සඳහා අප පාසලේ හෝ පෙර පාසලේ දෙමවුපියන් හා වැඩිහිටියන් වගකීමෙන් බැඳී සිටින බව ඉතා සතුටෙන් දැනුම් දෙමු. මෙමගින් රටට, සමාජයට හැකි අයුරින් විවිද ආකාරයේ සේවාවක් සැපයීමට අමතරව අපගේ දරු පරපුර සඳහා ආදර්ශමත් හා ක්‍රියාකාරී පරපුරක ආදර්ශය ලබාදීම අපගේ අරමුනයි. මේ සඳහා අප ප්‍රදේශයේ රජයේ ආයතන, පෞද්ගලික ආයතන, පුජ්‍ය පක්ෂය හා පුජනිය ස්ථාන, ප්‍රදේශයේ තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් ලැබෙන මහඟු අත්වල අප ඉතා අගය කොට සලකන්නෙමු. රටට දයට වැඩදායි මතු පරපුරක් උරුම කර දීම සඳහා ආදර්ශයෙන් හා ක්‍රියාවෙන් අප කැප වී සිටින සියලුම දෙන හට අපගේ ස්තුතිය පිරිනමමු.

NEO සුභසාදක සංගමය මගින් වාර්ෂිකව සිදු කරනු ලබන වැඩසටහන් හා ක්‍රියාකාරකම්

  • වාර්ෂික අභය දානමය පුන්‍යකර්මය
  • වාර්ෂික ලේ දැන් දීමේ පුන්‍යකර්මය
  • වෙසක්, පොසොන් හා අනෙකුත් උත්සව
  • සීල ව්‍යාපාර වැඩසටහන්
  • ඝන දෙවි පුජාව
  • වාර්ෂික විනෝද චාරිකාව
  • විපතට පත් ජනතාව සඳහා පිරිනමන සහනාධාර හා උපකාර
  • විවිද ආර්ථික අපහසුතා ඇති සිසු දරු දැරියන් සඳහා සිදු කරන උපකාර
  රූප එකතුව