About NEO International School Deltota

Started in 2019, NEO International School, Galaha is an extension of the NEO Preschool, the most successful Preschool in the area of Galaha, Deltota, Hewahata, Nillambe, Pupuressa, Thalathuoya and around. We hold students in all three religions and also teach all three languages. All our teachers are diploma holders and university graduates who are specially trained to teach small children with the latest knowledge and techniques. International Schools Deltota

We follow the government syllabus along with a number of various lessons to improve the students by identifying their special skills. International Schools Deltota

  CONTACT US   CALL NOW – 0776527234
School

NEO INTERNATIONAL SCHOOL

DEDICATED FOR EXCELLENCE

NEO අපගේ අභිලාශය

NEO පෙර පාසල පිළිබඳ ඔබ තුල ඇති විශ්වාසය හා පෙර පාසලේ ගුණාත්මක භාවය හේතුවෙන් ඔබගේ දරුවාට අප ආයතනයේ අධ්‍යාපනය ලැබීමට සැලැස්වීම ගැන ස්තුතිවන්ත වන අතර, පළමු ශ්‍රේණියට ඇතුලත් වන දරුවන්හට අවශ්‍ය දැනුම හා කුසළතාවයන් අංගසම්පූර්ණව ලබාදීම ගැන අප ආයතනය කැපවෙමු.

නමුත් ඉතා උසස් මට්ටමකින් පෙර පාසල් අධ්‍යාපනය නිම කරන ඔබේ දරුවා දැනට රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය තුල පළමු ශ්‍රේණියේදී නැවත මූලික අභ්‍යාසවල සිට ආරම්භ කලයුතුය. එහිදී දරුවන් හට වසරක පමණ පසුපසට යාමකට මුහුණ දීීමට සිදුවේ. තවද ඉංග‍්‍රීසි භාවිතය අවමවීම හා ක‍්‍රමවත් නොමැතිබව නිසා උසස් පෙළ අවසානයේදී පවා ඔවුනට ඉංග‍්‍රීසි කථා කිරීමට නොහැකි නිසා නූතන සමාජයේ තරඟයට මුහුණ දීමට අපහසුය. තවද ක‍්‍රීඩා, පරිගණක අධ්‍යාපනය, කලාව හා පෞරුෂ සංවර්ධනය ඇතුලූව ඉංග‍්‍රීසි මාධ්‍ය ඉගෙනුම් පද්ධතියක් දැනට අප පලාතේ ඇති සාම්ප‍්‍රදායික ඉගෙනුම් රටාව තුල නොමැත.

ඉහත සඳහන් දුර්වලතාවයන්ට අභියෝගයක් ලෙස භෑධ පෙර පාසලට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන NEO ජාත්‍යන්තර පාසල (NEO International School) මේ වන විට සාර්ථකව හා අනෙකුත් තරඟකාරී පාසල් වලට වඩා ඉදිරියෙන් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බව ඉතා සතුටින් දැනුම් දෙමු.

දැනට අප ආයතනයේ පළමු හා දෙවන ශ්‍රේණි පවත්වාගෙන යනුලබන අතර භෑධ ජාත්‍යන්තර පාසලට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන ඔබේ දරුවාට පහත සඳහන් සේවාවන් සැලසේ.

  • පෙරපාසලෙන් අධ්‍යපනය නැවැත් වූ තැන සිට 01 වසර අධ්‍යාපනය ලබාදීම.
  • රජයේ විශය නිර්දේශයට අනුකූලව ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යාම.
  • පළමු ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි භාෂාවට මුල්තැනදී ඉගෙනුම් කටයුතු සිදුකර, දරුවා ඉංග‍්‍රීසි හුරුවූ පසු 03 ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි මාධ්‍ය විශය නිර්දේශයට සම්පූර්ණයෙන් මාරු කිරීම.
  • 1 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීම.
  • මූලිකව කරාටේ චෙස් හා ටේබල් ටෙනිස් යන ක‍්‍රීඩා හඳුන්වා දීම.
  • පාසල් තූර්යවාදක කණ්ඩායමක් සඳහා සහභාගී වීමේ අවස්ථාව.
  • ඉංග‍්‍රීසි කථා පුහුණුව හා උච්චාරණය.
  • අවුරුදු හා ක‍්‍රීඩා උත්සව.
  • සියළු ප්‍රධාන ආගමික උත්සව.
  • පරිගණක හා ශ‍්‍රව්‍ය දෘෂ්‍ය ආධාරයෙන් පන්ති කාමරයේ ඉගැන්වීම.
  • අඛන්ඩ ඇගයීම් තුලින් අඩුපාඩු සකස් කිරීම.
  • වසර අවසාන විවිධ ප‍්‍රසංගය.
  දෙමවුපියන් සඳහා උපදෙස්